May 18, 2024

මන්ත්‍රී දුමින්ද දිසානායකගේ ආරක්ෂකයින් ඉවත් කර දුෂ්කර සේවයට 

December 04, 2014

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ආණ්ඩුවෙන් ඉවත්වූ අනුරාධපුර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ගේ ආරක්ෂකයින් ඉවත් කොට ඇති බව කැෆේ සංවිධානය පවසයි.

පසුගිය පසුගිය නොවැම්බර් 24 වැනි දා සිදු කළ මෙම කැදවීමට අනුව අනුරාධපුර පොලිස් මුලස්ථානයට වාර්තා කළ අමාත්‍යවරයාගේ හිටපු ආරක්ෂකයින් සියල්ල මේ වන විට ඉතා දුෂ්කර පොලිස් ස්ථාන වෙත ස්ථාන මාරුවීම් කොට ඇත.  අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා විසින් සිදු කොට ඇති මාරුවීම් 2015 දෙසැම්බර් 02 දින සිට බලපැවැත්වේ.  

මේ වන විට දුමින්ද දිසානායක මහතාට එකම පොලිස් නිලධාරියෙකු හෝ ආරක්ෂාව සදහා ලබා දී නොමැති බවද කැෆේ සංවිධානය වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)