May 18, 2024

නවීන්ගෙන් කට උත්තර ගන්න ජනපතිගෙන් නියෝග

December 04, 2014

ඉදිරි ජනාධිපතිනරණයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළ කරමින් ආණ්ඩුවෙන් ඉවත් වූ අමාත්‍යවරයෙකු වූ නවීන් දිසානායක මහතාගෙන් කට උත්තර ලබා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පිටත් කර හරින බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

සමස්ත ලංකා කාරක සභාවේ විශේෂිත රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ අතර ඊට පාර්ලිමේන්තු මැතිඇමතිවරුන්, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

එසේ නවීන් දිසානායක මහතාගෙන් කටඋත්තර ලබා ගැනීමට හේතු වී ඇත්තේ ඔහු ආණ්ඩුවෙන් ඉවත් නොවන්නේ නම් විශාල මුදලක් ලබා දෙන බවට පවසා තිබූ ප්‍රකාශය නිසාවෙනි.

Rate this item
(1 Vote)