May 18, 2024

මෛත්‍රීට සහය දුන් හයදෙනෙක් පක්ෂයෙන් දොට්ට

December 04, 2014

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට තීරණය කළැයි ලංකා සම සමාජ පක්ෂයේ භාණ්ඩාගාරික කීර්ති කාරියවසම් මහතා ඇතුළු හය දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර ඇත.

පක්ෂයේ නිල නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන්නත් පක්ෂයේ සාමාජිකයන් බහුතරය ඉදිරි මැතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව කීර්ති කාරියවසම් මහතා අද (04) බස්නාහිර පළාත් විපක්ෂ නායක කාර්යාලයයේ දී ප්‍රකාශ කර තිබේ.

පක්ෂයේ නිර්මාර්තෘ ඇන් ඇම් පෙරේරා මහතාගේ දර්ශනයට පිටින් යන ලංකා සම සමාජ පක්ෂයේ නායකයන්ගේ තනතුරු සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයෙන් පසු සාමාජිකයන් තීරණයක් ගනු ඇතැයි ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා පැවසී ය.

Rate this item
(0 votes)