May 18, 2024

අභියෝගය පක්ෂයෙන් පැන්න මෛත්‍රි නොවේ

December 04, 2014

මෙවර ජනාධිපතිවරණයේ ජනතා තීන්දුව තීරණාත්මකව ගත යුත්තේ පක්ෂය අත හැර ගොස්  කල්ලි ගසමින් වෛරය වපුරන, අන්තවාදී දේශපාලකයින්ගේ  ප්‍රලාප ගැන සිතා නොවන බවත්, පිටරැටියන්ගේ මිල මුදලටරටේ ඒකීයභාවය පවා දෙමින් විජාතික බලවේගයන් ගේ උවමනා ඉටුකරන්නට මාන බලමින්  මේ රටත් ජනතාවත් පාවා දෙන්නට කටයුතු කරන්නන්ට එරෙහව වන බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපතිවරණය සම්බන්ධව කොළඹ දී  පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, මෙසේද පැවසීය.

‘ලෝකයක් ඉදිරියේ කොන්ද කෙලින් තියාගෙන කටයුතු කරනවා කියන්නේ සුළු පටු කාරණයක් නෙවෙයි. මේ රටේ හිටපු සමහර නායකයින්  රට පාලනය කළේ ලංකාවේ පාලනය නැමති බිළිඳාගේ පෙකණිවැල ලෝකයට සම්බන්ධ කරලයි. පිටරැටියන්ට යට වෙවී ඔවුන්ගේ මුවින් පිටවුනේ විජාතික බලවේගවල අවශ්‍යතාවයන් පමණයි.

අතිගරු ජනාධිපතිතුමා කවදාවත් පරදේසක්කාරයින්ගේ අතකොළුවක් වුනේ නැහැ. එහෙත් එතුමා ජාතීන් අතර සහයෝගීතාවයෙන් කටයුතු කළා. එතුමාගේ න්‍යාය පත්‍රයේ හැමවිටම තිබුණේ මේ රට  එකම රටක් කියන හැඟීමයි.

තිස් වසරක සාපලත් යුද්ධයක් නිමාකොට සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් සියළු ජාතීන් එකම ශ්‍රි ලාංකීය ජාතියක්ය යන කාරණය ජනතාවට කියාදුන්නේ ජනාධිපතිතුමායි.

එහෙත් රටට වඩා බඩ ගැන හිතන සුළුතරයක් නැවතත් මේ රට ලෝකය ඉදිරියේ වහල් බවට පත් කරන්නට මාන බලනවා. ඒකට මෙවර ඉත්තා ලෙස පාවිච්චි කර තිඛෙන්නේ අපේම හිටපු ඇමතිවරයෙක්.

ඔහු ගැන කතා කරනවාට වඩා මේ මොහොතේ අප ඉදිරියේ ලොකු අභියෝගයක් තිඛෙනවා. ඒ අභියෝගය අපේ පක්ෂයේ ඉඳලා චන්ද්‍රිකා, මංගල, රනිල් හවුලේ ඉත්තෙක් වුණු මෛත්‍රිපාල මහත්තයා ගැන නෙවෙයි.

රට කෑලි කරලා පිට රැටියන්ට ඛෙදා දෙන්න ඔවුන්ගේ නූල්වලට නැටවෙන රූකඩයක් බවට මේ රට නැවතත් පත්කරන්නට මාන බලන දේශද්‍රෝහි නඩය පරාජය කිරිම තමයි අපේ අභියෝගය විය යුත්තේ’.යනුවෙන්ද පැවසීය.

Rate this item
(0 votes)