May 18, 2024

ඇමති මහින්දානන්දගෙන් ඇසූ ගෑණු ප්‍රශ්ණයෙන් වාද පිටිය උණුසුම් වෙයි (Video) 

දෙරණ රූපවාහිනී නාලිකාවේ ඊයේ (03) විකාශය වූ වාද පිටිය දේශපාලය විවාද වැඩසටහනයේදී දුරකතනයෙන් කතා කළ පුද්ගලයකු තමාට අපහාස වන කතාකළ බව සඳහන් කරමින් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ එම සිද්ධිය පිළිබඳ මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බවත් ඒ පිළිබඳ විමර්ශණයක් ආරම්භ කර ඇති බවත්ය.

ඊයේ රාති‍්‍ර 12ට පමණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අදාළ දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසයි. එසේම ඔහුට විරුද්ධව අපහාස නඩුවක් පැවරීමට තමා බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ සහභාගී වූ දෙරණ වාද පිටිය වැඩසටහනේදී දුරකථන ඇමතුමක් මගින් ඔහුගේ බිරිඳ විසින් අල්ලස් හා දුෂණ කොමිසන් සභාවට ගොනුකළ පැමිණිල්ලක් පිළිබඳ මෙම විමසීම අදාල පුද්ගලයා විමසා තිබේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 04 December 2014 13:03