May 18, 2024

බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභා විපක්ෂ නායක ශ්‍රිලංනිපයට

December 04, 2014

බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක වශයෙන් කටයුතු කරන එජාපයේ සචිත්තානන්දන් සුරේන් කන්නා මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඊයේ (03) එක්විය.

ශ්‍රීලනිප ජාතික සංවිධායක, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූ බණ්ඩාරවෙල ප්‍රා. සභා එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂ නායක සුරේන් කන්නා මහතා ශ්‍රීලනිප සාමාජිකත්වය ලබා ගනිමින් ආණ්ඩු පක්ෂයට සහාය දැක්වීමට එක්වූ අතර 2015 ජනාධිපතිවරණයෙන් සන්ධාන ජනාධිපති අපේක්ෂක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීම සඳහා කැපවන බවද ප්‍රකාශ කළේය.

සුරේන් කන්නා මහතා 2011 වසරේදී පැවති ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එජාපය යටතේ බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවට තරඟ කර එහි විපක්ෂ නායක වූ අතර හෙතෙම ලංකා ජාතික වතු කම්කරු සංගමයේ තරුණ කමිටු සභාපතිවරයා ලෙසද මේ දක්වා කටයුතු කළේය. 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ සහ ජාතින් අතර සමගිය ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීම සඳහා තමා ශ්‍රීලනිපයට එක් වන බව හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)