May 18, 2024

ගුවන් හමුදාවෙන් හන්තානේ මෙහෙයුමක් 

December 04, 2014

විදුලිබල මණ්ඩලයේ හදිසි අවශ්‍යයතාවක් සපුරාලමින් ට‍්‍රාන්ස්ෆෝමර් යන්ත‍්‍ර දෙකක් හන්තාන කඳුමුදුන වෙත ප‍්‍රවාහනය කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 06 පියාසර හෙලිකෝප්ටර් බලඝණය පසුගිය දා සමත් විය. 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් සිදු කරන ප‍්‍රවාහන මෙහෙයුම්වල සාර්ථකත්වය හා පළපුරුදු බව තවදුරටත් ප‍්‍රදර්ශනය කරමින් ට‍්‍රාන්ස්ෆෝමර් යන්ත‍්‍ර අවස්ථා දෙකකදී කඳුමුදුන වෙත රැගෙන පියාසර කිරිමත් කඳුමුදුන වෙත ගොඩ බෑමත් මෙම මෙහෙයුම තුළ දී සිදු කරන ලදි. 

ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන් සතු මනා පුහුණුව හා පළපුරුද්ද මෙහිදී මනාව ප‍්‍රදර්ශනය විය. අංක 06 පියාසර බලඝණයේ අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් කාලිංග මහිපාල මහතා මෙම මෙහෙයුමේ ප‍්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ අතර සහයක නියමුවා ලෙස පියසර ලුතිතන් ඉෂාන් මහතා කටයුතු කරන ලදි. 

අංක 06 පියාසර බලඝණයට අයත් MI 171 SH වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ඒ සඳහා යොදාගත් අතර මෙම මෙහෙයුම සාර්ථක ව සිදුකර ගැනිම සඳහා එම බලඝණයේ සියලු ම නිලයන් හට විශාල පරිශ‍්‍රමයක් දැරිමට සිදුවිය.

Rate this item
(0 votes)