May 18, 2024

ජනපති කතරගම පුදබිමේ ආගමික වතාවත්වල 

December 04, 2014

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02) පස්වරුවේ කතරගම පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පළමුව ඓතිහාසික කිරිවෙහෙර සමිඳුන් වැඳපුදා ගෙන ආශිර්වාද ලබා ගත් ජනාධිපතිතුමා ඒ අභියස පැවති ආශිර්වාද පූජාවකට ද සහභාගි විය.

අනතුරුව කතරගම මහා දේවාලය වෙත ගොස් එහි පැවති විශේෂ පූජාවට සහභාගි වී ආශිර්වාද ලබා ගත් අතර දේවාල පරිශ්‍රයේ ඇති සෙසු දේවාල වෙත මෙන් ම මුස්ලිම් පල්ලිය වෙත ද ගොස් ආශිර්වාද ලබා ගත්තේය.

කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද නායක හිමිපාණන් වහන්සේ ද බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේගේ සුවදුක් විමසා පිරිකර පූජා කළේය.

ජනාධිපතිවරයා කතරගම පුදබිම වෙත පැමිණ සිටි ජනතාව අතරට ගොස් ඔවුන්ගේ තොරතුරු විමසමින් සුහද කතා බහක නිරත විය.

මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, සුමේධා ජී. ජයසේන, විජිත් විජිතමුණි සොයිසා යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

Rate this item
(0 votes)