May 18, 2024

මෛත්‍රි ජනපති වූ සැනින් ෆොන්සේකාට සියලු වරප්‍රසාද හිමිවෙයි

December 03, 2014

සරත් ෆොන්සේකා මහතා අමානුෂික හිරිහැරවලට ලක්වන අයුරු ආණ්ඩු පක්ෂයේ මහලේකම්ලෙස හිඳිමින් වේදනාවෙන් යුතුව බලාසිටින්නට තමාට සිදුවූ බව පොදු අපේක්ෂකමෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබේ.

ඊට එරෙහිව තමාට කළ හැකි කිසිවක් නොතිබුණු බවත් සඳහන් කර තිබේ.

ෆොන්සේකා මහතාගේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොදු අපේක්ෂක ම්‍රෛතිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කර ඇත.

එසේ වුවද ඉදිරියේදී ෆොන්සේකා මහතාට මුහුණදීමට සිදුවූවාටත් වඩා වැඩිප්‍රතිවිපාකවලට තමාට මුහුණදීමට සිදුවිය හැකි බවත්, එහෙත් නිවටයෙකු ලෙස ජීවත්වීමට වඩා සත්‍යය වෙනුවෙන් ජීවිතය පුදකිරීම වටිනා බවත් ඔහු අවධාරණය කළහ.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් තමාට කරනු ලැබූ දේශපාලන යෝජනා සම්බන්ධයෙන් බරපතළ ලෙස සාකච්ඡා කිරීමට කිසිවක් නොතිබුණු බවත්, සියල්ල රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට හා යහපාලනය ගොඩනැංවීමට කරනු ලබන එකීයෝජනාවන්ට තමා වහා එකඟවූ බවත් සිරිසේන මහතා සඳහන් කර සිටි.

මෙම මාධ්‍ය හමුව අතරවාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ක්‍රියාකාරිකයෙකු විසින් මේවන විට අහිමිකර ඇති ෆොන්සේකා මහතාගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කුමන ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනු ලබන්නේද යන්න පිළිබඳ මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විමසීමක් කළේය.

ඡන්ද අයිතිය ඇතුළු අහිමි කළ වරප්‍රසාද තමාගේ ජයග්‍රහණයෙන් පැය කිහිපයක් ඇතුළත ලබාදීමට නොපමාව පියවර ගන්නා බව මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

 

Rate this item
(0 votes)