May 18, 2024

ඇමති බන්දුල හදිසියේ රට හැර යයි

December 03, 2014

අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ වන විට හදිසියේ රටින් පිටවී ඇති බව රජයට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි අදාළ අමාත්‍යවරයා වත්මන් දේශපාලන පසුබිම සම්බන්ධයෙන් කලකිරී සිටින බවටත් මත පළ කර තිබේ. එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන පරිදි අමාත්‍යවරයා මෙසේ විදේශ ගත වන්නට ඇත්තේ දේශපාලනික වශයෙන් තීන්දුවක් ගැනීමේ අරමුණින් බවත් පෙන්වා දෙයි.

කෙසේවෙතත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ හදිසි විදේශ ගමන පිළිබඳව අදහස් පළ කරමින් අමාත්‍ය කර්ය මණ්ඩලයේ නිලධාරීන් පවසන්නේ අමාත්‍යවරයාට ලැබීමට නියමිත සම්මානයක් ගැනීම සඳහා මෙලෙස විදේශ ගත වී ඇති බවයි.

නමුත් එකී ලැබීමට නියමිත සම්මානය පිළිබඳව අමාත්‍ය කාර්ය මණ්ඩයල කිසිවක් නොදන්නා බවද අදාළ ප්‍රකාශයන්වලින් අනාවරණය විය.

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 December 2014 22:16