May 18, 2024

ඉන්දීය සහ චීන ධීවරයින් උතුරු මුහුදේ මත්ත්ස සම්පත වනසයි

December 03, 2014

චීන ධීවරයින් ශ්‍රී ලාංකික ධීවරයින් සේ වෙස්වලා මෙරට මුහුදු කලාපයට ඇතුල් වී ඇති බව මෙරට ධීවරයින් පෙන්වා දෙයි.

උතුරු මුහුදු සීමාවේදී චීන ධීවරයින් විසින් බලහත්කාරයෙන් ශ්‍රී ලංකා ධීවරයින් ලෙසින් වෙස්වලා ධීවර කටයුතුවල නිරත වීම නිසාවෙන් උතුරේ ධීවරයින්ට විශාල මත්ස්‍ය සම්පතක් අහිමි වන බවට උතුරු නැගෙනහිර ධීවර සහයෝගිතා ව්‍යපාරයේ සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් මහතා කියා පවසා සිටි.

උතුරේ ධීවරයින්ට සිදුවන හිරිහැර පිළිබඳ විමසීමේදී ඇන්ටන් ජේසුදාසන් මහතා මේ බව අනාවරණය කළ අතර වත්මන් උතුරු ධීවරයින් ගැටලූ රැසකකට මුහුණ දෙන බවද ඔහු අනාවරණය කරයි.

මෙහිදී ඇන්ටන් ජේසුදාසන්  මහතා වැඩි දුරටත් කියා සිටියේ ගෙවී ගිය පසුගිය කාලයේ උතුරේ ධීවරයින්ට ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා හා එම ධීවරයින්ගේ පැමිණීම් නිසාවෙන් මතස්‍ය සම්පත අහිමි වී ඇති බවත් මේ වන විට චින ධීවරයින්ගේ නීති විරෝධී පැමිණීම හේතුවෙන් උතුරේ මතස්‍ය සම්පත් අහිමි වන තත්ත්වයක් උදා වී ඇති බවයි.

මෙම චීන ධීවරයින්ගේ ධීවර ආම්පන්න නවීන පන්නයේ මෙන්ම මෙරට තහනම් කර අති දෑද හේතුවෙන් ඔවුන් මසුන් අල්ලන අවස්ථාවේදී ඒ සමීපයට පවා කිසිදු ධීවරයෙකුට යා නොහැකි බවයි. ඒ අතරම ඔවුන් විශාල මසුන් ප්‍රමාණයක් දිනකට අල්ලා ගන්නා බවද සඳහන් කරයි.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)