May 18, 2024

උතුරට ගුරුවරුන් 5000 ක් - ඔවුන් සැඟව සිටින සෙබළු පිරිසක්

December 03, 2014

උතුරු පළාත තුළ 5000 කට ආධික පිරිසකට ගුරු පත්වීම් ලබා දී ඉදිරි ජනාධිපතිවරණ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමේ සැළසුමක් පිළිබඳව මේ වන විට අනාවරණය වී ඇති බව  එක්සත් ජාතික පක්ෂ වන්නි දිස්ත්‍රික් සංවිධායක රෝහණ ගමගේ මහතා පෙන්වා දෙයි.

මෙම පිරිස ගුරුවරුන් ලෙස අනුයුක්ත කර තිබුණත් සැබැ පත්වීම් ලබාදී ඇත්තේ සිවිල් ආරක්ෂක බලකායේ සෙබල සෙබලියන් ලෙසයි.

එහි අරමුණ වී ඇත්තේ එළඹෙන ජනාධිපතිවරණයේදී උතුරු පළාතේ ජනතාවගේ හැසිරීම් අධ්‍යනය කිරීම, අදහස් වෙනස් කිරීම සහ එම නිරීක්ෂණයන් හරහා මැතිවරණය ආසන්න වෙත්ම කලහකාරී සිදු වීම් ඇති කරමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථා අවහිර කිරීම බවයි එක්සත් ජාතික පක්ෂ වන්නි දිස්ත්‍රික් සංවිධානය පෙන්වා දෙන්නේ.

වවුනියාව -දිනසේන රතුගමගේ

Rate this item
(1 Vote)
Last modified on Thursday, 04 December 2014 09:57