May 18, 2024

කටවුට් ගැන ප්‍රශ්ණකලාට මන්ත්‍රීවරුන්ගෙන් ගුටිබැට හුවමාරුවක් (VIDEO)

තම නිවස ඉදිරිපිට සවිකළ නීති විරෝධී කටවුට් එකක් පිළිබද විරෝධය පළ කළ, දිවුලපිටිය කුඩගම්මන ප්‍රදේශයේ තුසිත වීරසිංහ මහතාගේ නිවසට පැමිණි පිරිසක් අද (3)  අළුයම 2.30 ට පමණ  එල්ල කළ ප්‍රහාරයකින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව කැෆේ සංවිධානය පවසයි.

 "පසුගිය සෙනසුරාද දහවල් මාගේ නිවස අසලට පැමිණි පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කටවුට් එකක් මගේ මිදුලේ සවිකිරීමට උත්සහ කළා.  මම එයට දැඩිව වි‍රුද්ධ වුණා.  කරුණාකර මෙතන කටවුට් ගහන්න එපා කියා පැවසුවා. එයින් පසුව එම පිරිස ඒ අසල ඇති ලයිට් කණුවක කටවුට් එක එල්ලා පිටව ගියා. පසුව දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ ඇතුළ පිරිස තමන් සමඟ ගනුදෙනුවක් බේරා ගැනීමට ඇති බව පවසා කෑගැසුවා.  තමන්ට නිවසින් එළියට දෙන ලෙස පැවසුවා.  "යකෝ මේක අපේ ආණ්ඩුව අපිට ඕන තැනක කටවුට් ගහන්න පුළුවන්. ඒකට කාගෙන්වත් අවසර ඕනේ නෑ" යනුවෙන් ඔහු පවසා ඇත.

කෙසේ වෙතත් 29 වැනිදා  දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ, නිමල් කරුණාතිලක සහ අසංක යන ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් ඇතුළු 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ තර්ජනය කොට ඇති අතර එම අවස්ථාවේ දී වීරසිංහ මහතා නිවසින් එළියට පැමිණ නොමැති බව වාර්තා වේ. එම අවස්ථාවේ තම නිවසට පැමිණෙමින් සිටි ඔහුගේ ඥාති සහෝදරයින් දෙදෙනෙකුට මෙම පිරිස පහර දී ඇති බව කැෆේ සංවිධානය සඳහන් කරයි. 

පහර කෑමට ලක් වූ පුද්ගලයින් දිවුලපිටිය රෝහලට ඇතුළත් කර පසුව ඔවුන්ගේ ආරක්ෂාව සදහා සඳහා මේ වන විට දඹදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු වාර්තා වු  9 වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව මෙයයි.

එම සිද්ධියට අදාල දර්ශන සහිත වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 December 2014 13:35