May 18, 2024

සන්ධානයේ ලේකම්ට හංසයාගේ ලේකම් නීතිය උගන්වයි

December 03, 2014

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට යම් අසාධාරණයක් සිදු වූවහොත් අධිකරණය වෙත යෑමේ අවස්ථාවක් නොලැබෙන බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා සිදු කළ ප්‍රකාශය කිසිසේත් නීතිය නොදැන සිදු කළ ප්‍රකාශයක් බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමු‍ණේ මහලේකම් නීතිඥ ශර්මිලා පෙරේරා මහත්මිය පෙන්වා දෙයි.

‘ඒෂියන් මිරර්’විසින් සිදු කළ කරුණු විමසීමකදී  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමු‍ණේ මහලේකම් නීතිඥ ශර්මිලා පෙරේරා මහත්මිය සඳහන් කළේ මෙරට පවතින නීති රාමුව තුළ අසාධාරණයකට ලක් වෙන ඕනෑම අයෙකුට අධිකරණයේ පිහිට පැතිය හැකි බවයි

තවද සිය පක්ෂය ව්‍යවස්තාවක් සහිත නිත්‍යාණුකූල පක්ෂයක් බවත් ඇය අවධාරණය කර සිටි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 December 2014 22:17