May 18, 2024

හදිසි ව්‍යවස්‌ථා සංශෝධනයට ආණ්ඩුව සූදානම් 

December 03, 2014

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට පුළුල් ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ඇතුළත් කෙරෙන බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

විද්වත් මණ්‌ඩලයක්‌ විසින් මේ සම්බන්ධව පුළුල් ලෙස සාකච්ඡා කෙරෙන බවත් ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වනවිට සකස්‌ කෙරෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

2005 දී මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයත්, 2010 මහින්ද චින්තන ඉදිරි දැක්‌ම ප්‍රතිපත්ති ප්‍රකාශයත් ඉදිරිපත් කළ අයුරින් මෙවර තුන්කල් දැක්‌මක්‌ සහිත මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයක්‌ ඉදිරිපත් කිරීමට නියමිතය.

 

Rate this item
(0 votes)