May 18, 2024

ජනපතිවීමේ සිහින දකින අය සන්ධානයේම ඉන්නවා

December 03, 2014

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ සිටින උගත් බුද්ධිමත් මැති ඇමැතිවරුන් තුළ මේ රටේ ජනාධිපතිවීමේ, අගමැතිවීමේ සිහිනය ඇති බවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති ලෙස සිටින තාක්‌කල් ඒ සිහිනය ඉටු නොවන බවත් එක්‌සත් ජාතික පක්‍ෂයේ සභාපති කබීර් හෂීම් මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ මාවනැල්ල එ.ජා.පක්‍ෂ ක්‍රියාකාරීන්ගේ රැස්‌වීමක්‌ අමතමිනි.

එමෙන්ම එම බුද්ධිමත් මැති ඇමැතිවරුන් දැන් එය අවබෝධ කරගෙන ඇති බවත් කබීර් හෂීම් මහතා සඳහන් කල අතර 18 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් වැඩිම ආසාධාරණය වී ඇත්තේ ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ට බවත් කබීර් හෂීම් මහතා පැවසුවේය.

“ඉදිරි ජනාධිපතිවරණයේදී කලකිරී සිටින මැති ඇමැතිවරු එ.ජා.පක්‍ෂය වටා ඒකරාශි වෙන එක වළක්‌වන්න කිසිවෙකුටත් බැරිව යනවා. එ.ජා.පක්‍ෂයේ නායකත්වයට පවුල් වාදයක්‌ නැහැ. පුංචි පවුලකින් එදා දේශපාලනයට පැමිණි ආර්. ප්‍රේමදාස මහතාත් රජවුණු පක්‍ෂය එ.ජා.පක්‍ෂයයි.“ ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)