May 18, 2024

ඌවේ බලපෙරළිය අතලඟයි - හරීන් ශීත කබායකින් සැරසී සිරිකොතට (Video) 

අයහපත් කාලගුණය හේතුවෙන් ඌව පළාත් සභාව රැස්‌වීම ලබන වසරේ ජනවාරි මස 15 වැනිදා දක්‌වා කල් තැබීමට තීරණය කිරීමත් සමග ඌව පළාත් සභාවේ විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු ශීත කබායකින් සැරසී කොළඹ පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය සාකච්ඡාවට පැමිණියේය.

“මේ ජැකට් දාගෙන අවේ පළාත් සභාව පවත්වන්න බැරි තරමට ඌව පළාතේ සීතලක් හටගන තියනවා. මේ බොරු තර්ක ඉදිරිපත් කරන්නේ, හෙට අනිද්දා ලංකාවේ සමහර පළාත් සභා රස්නෙයි කියලා වගන්න ඉඩ තියනවා“ යනුවෙන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවසී ය.

ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට ඇති පළාත් සභාවක් කාලගුණික හේතුන් මත වසා දැමීම හරහා පෙන්නුම් කරන්නේ එම පළාත් සභාව තුළ ජනතා නියෝජනයක් නැති බව යැයි ඌව පළාත් සභාවේ විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සති අන්තය වනවිට ඌව පළාත් සභාවේ පෙරළියක් සිදුවනු ඇතැයි එහි විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී පැවසී ය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 December 2014 07:13