May 18, 2024

ඉන්දීය සාගරයේ අවට රටවල ආරක්ෂාව තහවුරු වන්නේ මෙහෙමයි

December 03, 2014

ඉන්දීය සාගරයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම හරහා ඒ අවට සියලු ම රටවල්වල ආරක්ෂාව තහවුරු වන බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ පසුගියදා ගාල්ල, ලයිට් හවුස් හෝටලයේ පැවැති ගාලු කතිකාව - 2014 අන්තර්ජාතික නාගරික ආරක්ෂක සම්මන්ත‍්‍රණයේ ප‍්‍රධාන දේශකයා වශයෙන් සහභාගී වෙමිනි. 

ඉන්දියන් සාගරයේ ආරක්ෂාව තර කර ස්ථාවර තත්ත්වයක පවත්වාගෙන යා හැකි වන්නේ සියලු ම රටවල් එකට එකතු වී ත‍්‍රස්තවාදය විනාශ කිරීමට කටයුතු කිරීමෙන් මිස එක් එක් රටවල් තනි තනිව කටයුතු කිරීමෙන් නොවන බව ද අජිත් දොවාල් මහතා අවධාරණය කළේය.

ත‍්‍රස්තවාදය තුරන් කර ලොවට ආදර්ශයක් ගෙන දෙමින් ලෝකයේ දරුණු ම ත‍්‍රස්තවාදී සංවිධානයට අභියෝගයක් එල්ල කිරීමේ භාරධූර කටයුත්ත පිටුපස වර්තමාන රජය සමඟ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කැපවීම දැඩි සේ අගය කිරීමට ලක්කරන බව ද ඉන්දිය ජාතික ආරක්ෂක උපදේශකවරයා සඳහන් කළේය. 

ඉන්දියානු සාගරයට තර්ජනයක් වූ එල්.ටී.ටී.ඊය විනාශ කිරීම ගැන ශී‍්‍ර ලංකා රජයට ප‍්‍රණාමය පුද කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)