May 18, 2024

ජනපතිට බෑ කියපු අයට ජනතාව උම්බෑ කියයි

December 02, 2014

මේ රට නැවතත් අගාධයට ඇද දැමීමට මාන බලන අලි, කොටි, NGO වල අතකොළුවක් වී ආණ්ඩු පක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් බිල්ලක් බවට පත්වීම ගැන තමා කණගාටුවට පත් වන බවත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත්, අතිගරු ජනාධිපතිතුමාත් දිවි හිමියෙන් ආරක්ෂා කරමින් කිසිවිටෙකත් කිසිලෙසකින් හෝ රට රැක දුන් නායකයා හැර නොයන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභ සාධන අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළේය. එහීදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘ඉතිහාසය කියන්නේ වැලළිය හැකි දෙයක් නොවෙයි. ලංකාවේ දේශපාලන ඉතිහාසය අපට කියාදුන් පාඩම තමයි අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසි කියලා. පක්ෂ මහ ලේකම්වරු බොහොමයක් පෞද්ගලික න්‍යාය පත්‍ර හදාගෙන ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට ගිහිල්ලා දේශපාලනයේ හමස් පෙට්ටියට වැටුනා. සමහරු නැවතත් ආණ්ඩු පක්ෂයට ආවා.අපේ පක්ෂ මහලේකම්තුමාත් දිරච්ච ලණුවක් අන්තිම මොහොතේ අල්ල ගන්නේ ඒ ඉතිහාසයේ වර්තමාන පරාජිතයා වෙමිනුයි.

තනතුරු තාවකාලිකයි. එහෙත් මනුස්සකම සදාකාලිකයි. ඒ සදාකාලික මනුෂ්‍යත්වයෙන් පිරි ජනතාවට සංවේදි නායකයා වන්නේ අතිගරු ජනාධිපතිතුමායි. ඒ නිසා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මෑත ඉතිහාසයේ ගත් අරාජිකම තින්දුව තමයි අරගෙන තියන්නේ’.

එබැවින් ජනතාව ජනාධිපතිතුමාට බෑ කියපු අයට උම්බෑ කියන්න වෙන තැනට ජනවාරි 08 වැනිදා තීන්දුව දෙන බවට සැකයක් නැති බවද අමාත්‍යවරයා පැවසීය.

 

Rate this item
(0 votes)