May 09, 2024

බාලවයස් දැරිය රතිකෙළියට ගෙන ගිය වාඩියේ මාමා මාට්ටු 

December 03, 2014

වයස අවුරුදු 14 ක් වන බාල වයස්කාර දැරිවියක් සමග අඹු - සැමි ඇසුරක් පැවැත්වූ බව කියන පුද්ගලයෙකු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් අබ්දූල් කාදර් මහතා නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කල්පිටිය ධීවර ගම්මානයේ පදිංචිකරුවෙකු වන 33 හැවිරිදි අයෙකුවේ.

අතවරයට ලක්ව ඇත්තේ කල්පිටිය - ධීවර ගම්මානයේ පදිංචිව සිටින දැරිවියකි.

තමන් නිවසේ නොසිටි අවස්ථාවක සැකකරු තම දියණිය සමග අඹු - සැමි ඇසුරක් පවත්වා ඇති බව අතවරයට පත්ව ඇති දැරිවියගේ මව කල්පිටිය පොලීසියට කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.

සැකකරු හා අතවරයට පත්ව ඇති දැරිවිය අතර කාලය පටන් ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇති බවත් එම සම්බන්ධයේ ප්‍රතිඵලයක් ලෙස මෙම අතවරය සිදුවී ඇති බවත් කල්පිටිය පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

අතවරයට පත්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සහ ප්‍රතිකාර සදහා කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇත.

පුත්තලම - ජුඩ් සමන්ත

 

 

 

Rate this item
(0 votes)