May 08, 2024

ඌව පෙරළන්න හරීන් වැඩ අරඹයි

December 02, 2014

මෙම සති අන්තය වනවිට ඌව පළාත් සභාවේ බල පෙරළියක් සිදුවිය හැකි බව එම පළාත් සභාවේ විපක්ෂ නායක හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ අද (02) පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. 

මේ වනවිට මෙරට දේශපාලනය තුළ විශාල වෙනස්කම් රැසක් සිදුවෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

ඌව පළාත් සභාව මන්ත‍්‍රී ආසන 34කින් සමන්විත වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත‍්‍රී ආසන 19ක් ද විපක්ෂයට මන්ත‍්‍රී ආසන 15ක්ද හිමිව තිබේ. 

එක්සත් ජාතික පක්ෂයට මන්ත‍්‍රී ආසන 13ක් හිමිව ඇති අතර ජනතා විමුක්ති පෙරමුණට මන්ත‍්‍රී ආසන සංඛ්‍යාව 2ක් හිමිව ඇත.

Rate this item
(0 votes)