May 08, 2024

"මහින්දට එක පවුලයි -මෛයිත්‍රිට පවුල් ගොඩයි"

December 02, 2014
ජනාධිපතිවරයා රැක ගැනීමට පවුලේ පිරිස පමණක් සිටිය ද මෛත්‍රීපාල සිරිසේන මහතා රැකගැනීමට රටපුරා පවුල් දහස් ගණනක්  සුදානමින් සිටින බව වන්නි දිස්ත්‍රික්කය සඳහා පත්වූ එජාප නව සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී රෝහණ ගමගේ මහතා පවසයි.මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ උතුරේ ජනතාව මේවනවිට එදා වේල සොයා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවය.යුද්ධයක් නොමැති සුවදායි පරිසරයක් තුළ සාධාරණ නීතියක්,යහපත් රාජ්‍ය සේවයක් සහ ජීවත්විය හැකි ආර්ථිකයක් පිළිබඳ ඔවුන් බලාපොරොත්තු තබා සිටියද එය ඉටුනොවීම නිසා මෛත්‍රී පාලනයකට ඔවුන් ද සුදානම් බව ඔහු පෙන්වා දෙයි.
Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 January 2015 13:27