May 08, 2024

හෙළ උරුමයයි, දෙමළ සන්ධානයයි අත්වැල් බැඳගන්න සූදානම්   

December 02, 2014

තම වැඩපිළිවෙල සියලු ජනවර්ගවලට අවශ්‍ය වැඩපිළිවෙලක් බවත් එය යහපාලන හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන වැඩපිළිවෙලක් බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද(02) ජාතික හෙළ උරුමය විසින් පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවක දී ය.

ඊට දෙමළ ජාතික සන්ධානය නොව වෙන ඕනෑම පක්ෂයකට සහාය දීමට හැකි බවත් හෙළ උරුමයේ මත්ද්‍රව්‍ය පනතටත් දෙමළ ජාතික සන්ධානය සහාය දුන් බවත් හෙතෙම සඳහන් කළේය.

“පාර්ලිමේන්තුවේ අගමැති වෙන්න මන්ත්‍රී ආසන 113ක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 113ක් තියෙනවා නම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වුණාට ප්‍රශ්නයක් නෑ. එතකොට ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අගමැති එක්සත් ජාතික පක්ෂයේ.  හැබැයි එය එජාපයේ වැඩපිළිවෙළක් නොවෙයි. හැමෝම එකතු වෙලා කරන වැඩ පිළිවෙළක්. බෞද්ධ සංවිධාන රැසක් ජාතික හෙළ උරුමයේ යෝජනාවලට එකඟ වුණා. ජාතික හෙළ උරුමයට විදේශ කුමන්ත්‍රණ කතා කියන්න බෑ. විදේශ කුමන්ත්‍රණ පරාජය කළේ අපි. මෙය බෞද්ධයන්ගේ විතරක් නෙමෙයි හැමෝගෙම පක්ෂයක්. රටේ හොරකම, වංචාව, මත්ද්‍රව්‍ය නවත්වන එක හැමෝටම අවශ්‍ය දෙයක්.“ යනුවෙන් පාඨලී චම්පික රණවක මහතා පැවසී ය. 

ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු පිහිටුවන්නේ රනිල් වික්‍රමසිංහගේවත්, වෙනත් කාගේවත් ආණ්ඩුවක් නොව ජාතික සමගි ආණ්ඩුවක් බවත්, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඊට ඇතුළත් බවත්, ඒ සදහා මහින්ද රාජපක්ෂට ද සහභාගී විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)