May 08, 2024

මුදල් රැගෙන රජයේ සිටින පිරිස ගැන නවීගෙන් හෙළිදරව්වක්

December 02, 2014

විපක්ෂයට නොපැමිණ රජයේ රැදී සිටීම සඳහා මුදල් ලබා ගත් දේශපාලඥයින් පිළිබඳ තොරතුරු තමන් සතුව ඇතැයි හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹදී ප්‍රකාශ කළේය.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමගින් විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සිටින ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ අදාල තොරතුරු ඉදිරියේදී හෙළි දරව් කරන බවය.

එමෙන්ම පවුල් පාලනයෙන් තොර යහපාලනයක් ගොඩ නැගීම සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දෙන බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

මෙම මාධ්‍ය හමුවේ තවත් තොරතුරු සුළු මොහොතකින් බලාපොරොත්තු වන්න.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 December 2014 08:35