May 04, 2024

ඉන්දීය ආරක්ෂක උපදේශක රනිල් හමුවෙයි

December 02, 2014

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (01) සිදුව තිබෙන බව හින්දු පුවත් සේවය පවසයි.

ගාලු කතිකාව සම්මන්ත්‍රණයට එක්වීම සඳහා අජිත් දොවාල් මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඊයේ කොළඹදී මෙම හමුව සිදු ව ඇති බව වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා හා අජිත් දොවාල් මහතා අතර පැවැති හමුවේදී ඉදිරි ජනපතිවරණය පිළිබඳ මෙන්ම චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා පිළිබඳවද සාකච්ඡා කර තිබෙන බව හින්දු පුවත් සේවය වාර්තා කරයි.

එසේම ආරක්ෂක උපදේශකවරයා අද (02) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිත බවත් හින්දු පුවත් සේවය පැවසීය.

 

Rate this item
(0 votes)