May 04, 2024

සමථ මණ්ඩල සාමාජිකයන්ට ජනපතිගෙන් උපහාර

December 02, 2014

දීර්ඝ කාලයක් සමථ මණ්ඩල නියෝජනය කළ සමථ මණ්ඩල සාමාජිකයන්ට උපහාර පුදකිරීමේ උත්සවයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

දීර්ඝ කාලයක් තිස්සේ සමථ මණ්ඩල නියෝජනය කරමින් සුවිශේෂී සමාජ මෙහෙවරක් ඉටුකළ පැරණි සාමාජිකයන්ට උපහාර සහතිකපත් පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු විය.

අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍යාංශ ලේකම් කමලනී ද සිල්වා, සමථ මණ්ඩල සභාවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාර හෙක්ටර් එස්. යාපා යන මහත් මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Rate this item
(0 votes)