May 04, 2024

විධායකයට උරුම සහ සුදුසු එකම නායකයා ඔහුම පමණයි

December 01, 2014

තමා පරිනත නායකයෙක් වන අතර කුරුම්බැට්ටි වැටුනට සහ සඳ එලිය වැටුනට තමන් වැනි අය බුරන්නේ නැති බව අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කරයි.

තමා සිය දිස්ත්‍රික්කයේ පමණක් නොව රට පුරා යමින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා දිනවන්නට කටයුතු කරන බවත් සඳහන් කරයි. විධායකයට තමා විරුද්ධ වන අතර ජනාධිපතිතුමාටත් චන්ද්‍රිකාටත් තමා විරුද්ධ බවද පෙන්වා දෙයි.

ශක්තිමත් ආණ්ඩුවක් හදමින‍් ප්‍රභාකරන් පරාජය කරමින් විධායකයට යම් සුජාත භාවයක් ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවද හෙතෙම එහිදී වැඩි දුරටත් පෙන්වා දෙයි. විධායක ජනපති ක්‍රමය මේ රටේ තිබෙනවා නම් එය භුක්ති විඳිය යුතු එකම හා අවසාන නායකයාත් මහින්ද රාජපක්ෂ මහතාම යැයි පානදුර ශ්‍රී.ල.නි.ප ප්‍රධාන සංවිධායක , සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා අද (01) පානදුරේදී පැවසීය.

 

Rate this item
(0 votes)