May 04, 2024

මෛත්‍රීට සහය දුන් මන්ත්‍රීට ප්‍රහාරයක්

December 01, 2014

ජනාධිපතිවරයට ඉදිරිපත්වී සිටින පොදු අපේක්ෂකයාට සහායදීම සදහා එක්වූ තමන්ට ප්‍රහාරයක් එල්ල වූ බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී ශිරෝන් ප්‍රනාන්දු මහතා වෙන්නප්පුව පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.

අද (01) දහවල් 1.00 ට පමණ වෙන්නප්පුව - බෝලවත්තේ පිහිටි තම නිවසේදී මෙම ප්‍රහාරය එල්ල වූ බව සිද්ධියට මුහුණ දුන් අය කියයි.

තමන් පසුගිය 30 වැනිදා පොලොන්නරුවේදී පොදු අපේක්ෂකයාට සහාය පල කිරීම සදහා එක්වූ බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතාගේ ආධාරකරුවෙකු යතුරු පැදියකින් පැමිණ පහර දීම සිදු කර පලා ගිය බවත් සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා පොලීසිය හමුවේ පවසා ඇත.

සිද්ධියට සම්බන්ධ අය හදුනා ගෙන ඇති නමුත් ඔහුව මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

පුත්තලම - ජුඩ් සමන්ත

 

Rate this item
(0 votes)