May 07, 2024

නවීන් දිසානායක එජාපයට යයි

December 01, 2014

හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා සිරිකොත එක්සත් පක්ෂ මූලස්ථානයට මිට සුළු මොහොතකට පෙර පැමිණියේය.

ඔහුව පිළිගැනීමට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතුළු  පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ.

පළමුවෙන්ම ඔහු සිය පියාවන ගාමිණී දිසානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.

රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ නවීන් දිසානායක මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඊයේ (30) ධුරයෙන් ඉල්ලා අස් විය.

ඇමැති  ධුරයෙන් ඉවත් වූ නවීන් දිසානායක මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්විය.

ඔහු  එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතාගේ බෑනාය. එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැති ගාමිණී දිසානායක මහතාගේ වැඩිමල් පුත්‍රයාය.

 

Rate this item
(0 votes)