May 08, 2024

නිදහස් පක්ෂයේ ලොකු පලුවක් ලඟදීම එනවා - චන්ද්‍රිකා

December 01, 2014

ඉතා ඉක්මනින්ම ශ‍්‍රීලංනිපයේ ලොකු කුට්ටියක් ගැලවී මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සහය දීමට එක්වන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසූවේ පොදු අපේක්‍ෂකයා වෙනුවෙන් වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා අද (01) පෙරවරුවේ විහාරමහදේවී එලිමහන් රංග පීඨයේ පැවති උත්සවයට සහභාගී වෙමිනි.

“මෛත්‍රීපාල සිරිසේන කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. විරුද්ධ මත ඉදිරිපත් කරන අය මහපාරේ මරා නොදැමු කෙනෙක්. අනික් මතවලට ඇහුන්කන් දෙන්න පුළුවන් ඉවසන්න පුළුවන් නායකයෙක්. අද මේ සටනට ප්‍රධාන පක්ෂ එකතු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුට්ටියක්ම ඉන්නවා. තව කට්ටිය එන්නත් ඉන්නව.“ යනුවෙන්ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.  

Rate this item
(0 votes)
Last modified on Monday, 01 December 2014 15:22