May 07, 2024

ජනප්‍රියතම ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් කිරුළු පළඳි(VIDEO)

ස්පෝර්ට්ස් ෆස්ට් – මොබිටෙල් ප්ලැටිනම් සම්මාන උළෙලේ ජනප්‍රියතම ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් ඊයේ රාත්‍රී කිරුළු පැළඳිය.
එම සම්මාන උළෙලේදී සම්මාන 22ක් පිරිනැමුණි.
එම සම්මාන ජයග්‍රාහකයින්ගේ නම් ලැයිස්තුව පහත දැක්වේ.
01- වසරේ හොඳම පාසල් ක්‍රීඩකයා – තරින්ද මෙන්ඩිස් (අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය)
02- වසරේ හොඳම රග්බි ක්‍රීඩකයා – ඔමල්ක ගුණරත්න (ඉසිපතන විද්‍යාලය)
03- වසරේ හොඳම පිටපළාත් ක්‍රීඩකයා – හිමාෂ ඒෂාන්
04 – වසරේ හොඳම පාසල් කණ්ඩායම – ඉසිපතන විද්‍යාලයේ රග්බි කණ්ඩායම
05 – වසරේ නැගි එන ක්‍රීඩිකාව – කිමිකෝ රහීම් (පිහිනුම්)
06 – වසරේ නැගි එන ක්‍රීඩකයා – අකිල රවිශංක
07 – වසරේ විශ්වවිද්‍යාල ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව – නිසංසලා වීරසිංහ
08 – වසරේ හොඳම ශාරීරික අධ්‍යාපන ගුරුවරයා හෝ ගුරුවරිය – ඒ.ඩී. නන්දවතී
09 -  වසරේ දක්ෂතම ආරක්ෂක අංශ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව – යෝෂිත රාජපක්ෂ (ශ්‍රී ලංකා නාවික හමුදාව)
10 – නැවත ක්‍රීඩාවට පිවිසි හොඳම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව – අනුරුද්ධ රත්නායක (බොක්සිං)
11 – වසරේ හොඳම මෝටර් රථ / යතුරුපැදි ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව – ඩිලන්ත මාලගමුව
12 – වසරේ හොඳම පැරා ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව – ප්‍රදීප් සංජය
13 – වසරේ හොඳම පුහුණුකරු – ශ්‍රීමාල් අපෝන්සු
14 – වසරේ හොඳම ක්‍රීඩා කණ්ඩායම – ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම
15 – ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන විශේෂ සම්මානය – අර්ජුන රණතුංග (1996 ශ්‍රී ලංකා ක්‍රිකට් නායක)
16 – වසරේ දක්ෂතම පාසල් ක්‍රීඩිකාව – මචිකෝ රහීම්
17 – වසරේ දක්ෂතම පාසල් ක්‍රීඩකයා – ශෂික ඒකනායක
18 – වසරේ දක්ෂතම ක්‍රීඩිකාව – චන්ද්‍රිකා සුභාෂිණි
19 – වසරේ දක්ෂතම ක්‍රීඩකයා – ඉන්දික දිසානායක
20 – වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව – චමරි අතපත්තු
21 – වසරේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා – ඇන්ජලෝ මැතිව්ස්
22 – වසරේ ජනප්‍රියතම ක්‍රීඩකයා – ඇන්ජලෝ මැතිව්ස් 
Rate this item
(0 votes)
Last modified on Monday, 01 December 2014 09:24