May 05, 2024

මෛත්‍රී, විපක්ෂයේ පක්ෂ සමඟ අද ගිවිසුම අත්සන් කරයි

December 01, 2014

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂයේ පක්ෂ හා සංවිධාන සමග අද (01) අබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතයි.

මේ පිළිබඳ ඒෂියන් මිරර් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේ, අද පෙරවරුවේදී විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේ පැවැත්වෙන උත්සවයකදී මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරන පක්ෂ හා සංවිධාන එම අවස්ථාවට සහභාගී වීමට නියමිතව ඇති බවත් ය.

මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය  සකස් කරමින් සිටින බව ද රාජිත සේනාරත්න මහතා වැඩිදුරට ත් පැවසීය. 

Rate this item
(0 votes)
Last modified on Monday, 01 December 2014 10:21