May 05, 2024

ඩොලර්වලින් විකිණෙන අය ඇමැති මණ්ඩලයේ නෑ - ජනපති

November 30, 2014

පවුම්වලට හෝ ඩොලර්වලින් මිලට ගත හැකි අය තවත් තම ඇමැති මණ්ඩලයේ නොමැති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ අද(30) පැවති ඇමැති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාගේ දේශපාලන ජීවිතයට වසර 25ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදී ය.

“විදේශ බලවේගවලට අවශ්‍ය පිට කොන්දක් නැති මිනිසුන් නායකත්වයට පත් කර ගැනීමයි. ඔවුන් ගහන ගහන බෙර පදයට නටන අය පත් කර ගැනීමයි.  ජනතාව එවැනි දේ අනුමත කරන්නේ නෑ. කවුරුන් ආවත් මා පරාජය කිරීම ලේසි නෑ. පිරිසක් මා හේග් යුද්ධාධිකරණයට ගෙන යන්න හදනවා. ඔවුනට මා කියන්න කැමතියි හොල්මනට බය නම් සොහොනේ ගෙවල් නොහදන බව.“ යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

Rate this item
(0 votes)