May 05, 2024

සරත් ෆොන්සේකාගේ සහයත් මෛත්‍රීට 

November 30, 2014

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

විපක්ෂයේ පක්ෂ කිහිපයක් සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හෙට (01) අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත් අතර එම අවස්ථාවට ද සරත් ෆොන්සේකා මහතා සහභාගී වීමට නියමිත බව වාර්තා වෙයි.

එම ගිවිසුම අත්සන් කිරීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, අසාද් සාලි මහතා, පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

Rate this item
(0 votes)