May 05, 2024

මගේ ගිවිසුම හෙට හෙළි කරනවා - මෛත්‍රීපාල කියයි

November 30, 2014

තමන් හෙට දිනයේදී විපක්ෂයේ පක්ෂ රැසක් සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීමට සූදානම් බවත් එහි අඩංගු කරුණු සියල්ල හෙට දිනයේදී හෙළි කරන බවත් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අද(30) පස්වරුවේදී පොළොන්නරුව නගරයෙන් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

හෙතෙම සඳහන් කළේ ආණ්ඩු පක්ෂයට තුනෙන් දෙකක බහුතර බලයක් තිබුණද එම බලය පාවිච්චි කර සිදුකළ දෙයක් නොමැති බවත් තමන් ජනපතිධූරයට පත් වූ පසු ගොවීන්ගේ විශ්‍රාම වැටුප් ඉහළ නංවන අතර මේවන විට රජයේ සේවකයින්ට ලබා දී ඇති යතුරු පැදි සඳහා ලබා ගන්නා ණය වාරිකයද කපා හරින බවත්ය.

තමන් රජයෙන් ඉවත් වූ පසු සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරය අඩපණ වී ඇති බවත් තමාටද එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් එල්ල වූ බවත් එනිසා ආණ්ඩුව තමන් ඇතුළු පිරිසට එල්ටීටීඊ හිතවතුන් ලෙස නගන චෝදනා විහිළුවට කරුණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

තමන් බලයට පැමිණි පසු සියලු දෙනාට සමානව සලකන බවද මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)