May 05, 2024

මඩකළපුවට ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් 

December 01, 2014

මඩකළපුවේ වෙබර් ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ලබන 16 වැනි දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය ඇමති විනායගමූර්ති මුරලිදරන් මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසූවේ මඩකළපුවේ වෙබර් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයා බැලීමට පසුගියදා එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි. 

රුපියල් මිලියන 180ක වියදමින් ඉදි කෙරෙමින් පවතින මෙම ක්‍රීඩාංගණය දෙසැම්බර් 16 දිනට පෙර සියලුම ඉදි කිරීම් කටයුතු අවසන් කළයුතු බවට අමාත්‍යවරයා විසින් ඉංජිනේරු මහත්වරුන් ඇතුළු අදාළ නිලධාරීන් දැනුවත් කරන ලදී.

Rate this item
(0 votes)