May 17, 2024

ප්‍රවීණ මාධ්‍යවේදි සුජීව දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

November 30, 2014

සිළුමිණ හා නවයුගය පත්‍රයේ හිටපු කර්තෘවරයකු වූ සුජීව දිසානායක මහතා හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (29) රාත‍්‍රීයේදි අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 55ක් පමණ බව වාර්තා වෙයි. 

ප්‍රවීණ තීරු ලිපි රචකයෙකු මෙන්ම කෘති ගණනාවක් සිංහලයට පරිවර්තනය කළ පරිවර්තකයෙකු ලෙසද ඔහු සමාජය තුළ වැඩි දෙනා අතර කතා බහට ලක් වු පුද්ගලයෙකි. 

වාමාංශික පුවත්පත්වලින් පත්‍ර කලාවට පිවිසි ඔහු ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙක්ද වූ අතර දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(01) සිදුකිරීමට නියමිතය.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 November 2014 14:49