May 17, 2024

හකීම් ඇතුළු පිරිසක් ජනපති හමුවෙයි

November 30, 2014

ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ ඉහල පෙලේ සාමාජිකයින් පිරිසක් ජනාධිපති රාජපක්ෂ මහතා හමුවී තිබේ. 

මෙම හමුව ඊයේ (29) අරලියගහ මන්දිරයේ දී සිදුවූ බවත් වර්තමාන දේශපාලන තත්ත්වය හා ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලී, නියෝජ්‍ය මහලේකම් නිසාම් කාරියප්පර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇත.

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 November 2014 13:59