May 17, 2024

මෛත්‍රීගේ මැතිවරණ ව්‍යාපාරය ඇරඹීමට සූදානම්

November 30, 2014

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අද(30) පස්වරු 2.00ට පොළොන්නරුව නගරයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒෂියන් මිරර් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එම ජන රැළියට මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන සියලු පක්ෂ හා සංවිධානවල නියෝජිතයින් සහභාගි වන බවයි.

ඒ සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින් ඇතුළු පිරිසක් ප්‍රධාන රැළිය ඇමතීමට නියමිතය.    

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වනවිට සකස් කරමින් සිටින බවත් ඉදිරියේදී මෙවැනි ජනරැළි පැවැත්වීමට සැළසුම් කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසී ය.

හෙතෙම වැඩිදුරටත් පැවසූවේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානම කටයුත්ත හෙට (01) පැවැත්වෙන බවත් ඒ විපක්ෂයේ පක්ෂ සමඟ ඇති කරගත් යෝජනා ඇතුලත් අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම බවත්ය.

 

Rate this item
(0 votes)