May 17, 2024

ප්‍රභාකරන්ගේ දේපල ප්‍රසිද්ධ වෙන්දේසියට

November 30, 2014

ප්‍රභාකරන් සතු රුපියල් කෝටි 200 ක්‌ වටිනා දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව වැල්ලවත්තේ මහල් නිවාස සංකීර්ණයක්‌, ඇඟලුම් කම්හලක්‌, කටුනායක ගුවන්තොටුපළ ඉදිරියේ පිහිටි විශාල ඉඩමක්‌, ටෝලර් සහ බෝට්‌ටු රැසක්‌, කොළඹ සහ යාපනයේ මුද්‍රණාල දෙකක්‌ ඇතුළු දේපළ මේ වනවිට සොයාගෙන තිබේ.

මීට අමතරව කොළඹ ප්‍රධාන විදේශ බැංකුවක තිබූ රුපියල් පන්කෝටි පනස්‌ ලක්‍ෂයක විදේශ ගිණුමක්‌ ද දේශීය බැංකුවක තිබූ රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‍ෂයක ගිණුමක්‌ද තහනම් කර ඇත.

මෙම මුදල් භාණ්‌ඩාගාරයට ලබාදෙනු ඇති බව වාර්තා වෙයි.

(දිවයින)

Rate this item
(0 votes)