May 17, 2024

බණ්ඩාරවෙල උසාවියේ රෙජිස්ට්‍රාර්ගේ ගංජා ජාවාරමක් හෙළිවෙයි 

November 30, 2014

ගංජා කිලෝ දෙකක ගෝනියක් අස්ථානගත වීම හේතුවෙන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (29) පැවැති නඩු භාණ්ඩ වෙන්දේසියකදී මෙම ගංජා තොගය අස්ථානගතවී තිබෙන අතර පසුව එය ත්‍රිරෝද රථයක තිබී සොයාගෙන තිබේ. 

ඔහු සන්තකයේ තිබී සොයාගත් මුළු ගංජා ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 08ක් බවත් නඩු භාණ්ඩ අධිකරණයෙන් පිටතට ගෙන යන මුවාවෙන් රෙජිස්ටාර්වරයා මෙම ගංජා ජාවාරම සිදුකර ඇති බව මූලික පරික්‍ෂණවලදී අනාවරණ වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සමග සොයා ගත් ගංජා තොගය අධිකරණයේ නඩු භාණ්ඩ වශයෙන් තිබු ඒවාදැයි තහවුරු කර ගැනීමට පරික්‍ෂණ කි‍්‍රයාත්මක බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය. 

බණ්ඩාරවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

 

 

Rate this item
(0 votes)