May 17, 2024

මෛත්‍රීගේ ආශිර්වාද පිංකමේ ආවරණය හදිසියේ ඉවත් කරයි 

November 30, 2014

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ආශීවාර්ද කිරීම සඳහා පොළොන්නරුව ඓතිහාසික වටදාගෙයට වැඩමවන මහා සංඝරත්නයට වැඩ සිටීම සඳහා සකස් කරන ලද අවාරණය ඊයේ (29) පස්වරුවේ හදිසියේම ඉවත් කරගෙන තිබේ. 

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු ජනරැළිය අද (30) පොළොන්නරුවේ පැවැත්වීමට නියමිත අතර ඊට ප්‍රථමව ඔහුට මහා සංඝරත්නය 500කගේ ප්‍රධානත්වයෙන් ආශීර්වාද පිරිත් දේශනයක් පැවැත්වීමට නියමිතව තිබේ.                               

ඊට ආවරණය ලබාදුන් ආයතනයේ නියෝගයක් මත ආවරණය ගලවාගෙන ගිය බව පොළොන්නරුව ගල් විහාරයේ හිමිනමකගෙන් විමසු විට උන්වහන්සේ සඳහන් කළහ.

 

Rate this item
(0 votes)