May 17, 2024

චන්ද්‍රිකාගේ කල්ලියයි බෙදුම්වාදීන්ගේ කල්ලියයි සමානයි 

November 30, 2014

චන්ද්‍රිකාගේ කල්ලියයි බෙදුම්වාදීන්ගේ කල්ලියයි සමපාත බවත් මෙම බෙදුම්වාදී කණ්ඩායම් පසුගිය දිනවල සිදුකරන ලද ප්‍රකාශවලින් එක්සේසත් කළ රට නැවත බෙදා වෙන් කිරීමේ අරමුණ ජනතාවට මනාව පැහැදිලි වන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ 28 වැනි දා මාලඹේ, අරංගල,  10 කණුව "නිමිකෝ" ක්‍රීඩාංගණයේ දී පැවති දිවි නැගුම ප්‍රතිලාභී පවුල් සඳහා නිවාස මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමිනි. 

මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා "මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 දී ජනාධිපතිවරණයට එන විට එදා කකුලෙන් ඇදපු චන්ද්‍රිකා නෝනා ම තමයි අදත් කකුලෙන් අදින්නේ. එදා චන්ද්‍රිකා නෝනා කකුලෙන් අදින ගමන් අනිත් පැත්තෙන් එක්සත් ජාතික පක්ෂය විවිධ පාර්ශ්ව සමඟ කුමන්ත්‍රණ කළා. එහෙම වෙලාවක වැඩි ඡන්ද 90,000කින් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එදා ජනාධිපති ධූරයට පත්වුණේ. ඒ වැඩි ඡන්ද 90,000 නොලැබුණා නම් අද අපට තියෙන්නේ එක රටක් නොව දෙකඩ වුණු රටක්. එහෙම වුණා නම් රට ජාතිය වෙනුවෙන් සටන් කරන මේ දුප්පත් අම්මා තාත්තාගේ දරුවෝ පෝලිමේ තවමත් මැරෙන්න ඉඩ තිබුණා".

"එදා චන්ද්‍රිකා  නෝනා සුනාමි සහන මණ්ඩලය කොටි සංවිධානයට දෙන්න ගියා. ඒ මඟින් ලෝකයේ ණය දෙන ආයතනවලින් කොටින්ගේ ඊනියා පාලන ප්‍රදේශවල ත්‍රස්තවාදී කටයුතු වෙනුවෙන් කෙලින් ම ණය ආධාර ගන්න හැකිවෙනවා. අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ  තීන්දුවක් අරගෙන එදා චන්ද්‍රිකා නෝනා දෙන්න ගිය ඒ සුනාමි සහන මණ්ඩල යෝජනාව අහෝසි කළා" යනුවෙන් ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 November 2014 13:59