May 17, 2024

මෛත්‍රිපාලගේ රැස්වීම වළක්වන්න පොළොන්නරුවට හදිසි ගංවතුරක් !

November 29, 2014

පොළොන්නරුව කඳුරුවෙල නගරයේ අද සවස 02.00 ට පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේජනතා රැලිය පැවැත්වෙන ස්ථානයට ජනතාවට පැමිණිය නොහැකි වන සේ  ගංවතුර තත්ත්වයක් ඇති කිරීමේ සූදානමක් පිළිබඳව තොරතුරු අනාවරණය වන බව මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

‍මේ දිනවල පවතින අධික වැසි සහිත තත්ත්වයන් හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම උපරිම මට්ටමට පැමිණ ඇති හෙයින් එහි වාන් දොරටු සියල්ල මුදා හරිමින් නගරයට පිවිසෙන මාර්ග රැසක් ජලයෙන් යට කිරීමේ තත්ත්වයක් පවතින බවයි අනාවරණය වන්නේ.

මේ පිළිබඳව රජය නොදැනුවත්ව ඇතැම් නිලධාරීන් විසින් සැළසුම් කර ඇති බවයි මේ වන විට අනාවරණය වී ඇත්තේ.

සමීර - පොළොන්නරුව

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 November 2014 10:01