May 17, 2024

සිරිසේන සමාගමේ ‘අරලිය සහල්’ වෙත මැර ප්‍රහාරයක්

November 29, 2014

ඉදිරි ජනාධිපතිවරනයේ පොදු අපේක්ෂක ම්‍රෛතිපාල සිරිසේන මහතාගේ සොහෝදරයෙකුගේ ව්‍යාපාරයක් වන අරලිය සහල් ව්‍යාපාරයට අයත් ලොරි රථයකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මෙම ප්‍රහාරය මරඳගහමුල ප්‍රදේශයේදී සිදුව ඇති බවයි අරලිය සහල් සමාගමේ සාමාන්‍යාධිකාරී ලාල් සිරිසේන මහතා asianmirror.lk කළ විමසීමකදී සඳහන් කලේ.

ප්‍රහාරයෙන් ලොරි රථයේ රියදුරු සහ රිය සහයක තුවාල ලබා තිබේ. ලොරි රථයටද අලාභහානි සිදු ඇති බව සඳහන්.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අරලිය සහල් සමාගමේ සාමාන්‍යාධිකාරී ලාල් සිරිසේන මහතා සඳහන් කළේ ප්‍රහාරය කුරුණෑගල දිස්ත්‍රික්කයට සම්බන්ධ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ මැර පිරිසක් විසින් සිදු කළ එකක් බවයි.

 

Rate this item
(0 votes)