May 03, 2024

ජනපතිගෙන් සජිත්ට සිහිකැඳවීමක් (Video)

ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ ආර්.ටී. අලස් මහතා එම විදුහලෙන් මාරු කළ අවස්ථාවේදී හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා නැවත එම විදුහලට පත් කළ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“මට මතකයි 1981 විතර එතුමාගේ පාසලෙන් මාරු කළා. අවුරුදු 8කට පසු ආපසු.මම මේ සජිත් ලඟට ගෙන්න ගත්තෙත් ඒකයි. මතක් වෙලා. සජිත් මහත්තයගේ තාත්තා එතුමාව ගෙනල්ලා ආපසු මේ පාසලට දැම්මා. එදා ඇත්ත පත්තරේ ලොකු අකුරෙන් ගියා මට මතකයි. ඇමතිවරයාගේ කනෙන රිංගා නැවත වරක් අලස් මැතිතුමා ඩී එස් සේනානායක විදුහලට ආවයි කියලා. ඒ නිසා මේවා අමතක කරන්න බෑ අපිට.“ යැයි අතීත කතාවක් සිහිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයකු වූ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ නිර්මාතෘ ආර්.ටී. අලස් මහතාගේ පළමුවැනි ගුණානුස්මරණය අදට යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාල පරිශ්‍රයේ ඉදිකළ ඒ මහතාගේ පිළිරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ (28) පෙරවරුවේ විවෘත කෙරිණි.

එහි පැමිණ සිටි පාඨලී චම්පික රණවක, සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරුන් සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සමඟ ජනාධිපතිවරයා සුහද කතා බහක නිරත වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

එම වීඩියෝව පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 29 November 2014 09:13