May 03, 2024

මෛත්‍රිගේ ජයග්‍රහණය සොහොයුරු ඩඩ්ලි නිවේදනය කරයි (Video)

ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජනතා ජයග්‍රාහී ප්‍රථම රැළිය එළඹෙන ඉරිදා පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙන බව පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් කැඳවමින් මෛත්‍රිපාල මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා අද නිවේදනය කළහ.

එනම් එළඹෙන ඉරිදා පොළොන්නරුව කඳුරුවෙල නගරයේ සවස 02.00 ට ජනතා රැලිය ආරම්භ කෙරෙන අතර පොළොන්නරු නගර මධ්‍යයේ රැළිය පැවැත්වෙනු ඇති.

මේ සම්බන්ධයෙන් මෛත්‍රිපාල මහතාගේ සොහොයුරු ඩඩ්ලි සිරිසේන මහතා පළ කර සම්පූර්ණ අදහස් පහතින් නරඹන්න..

සමීර - පොළොන්නරුව

Rate this item
(0 votes)