May 02, 2024

මීරියබැද්ද ඛේදවාචකයට මසක් ගත වේ - ජනතාව උපවාසයේ

November 28, 2014

මීරියබැද්ද ඛේදවාචකයෙන් අවතැන් ව මේ වන විට පූනාගල, මහකන්ද තේ කර්මාන්තශාලාවේ නවාතැන්ගෙන සිටින පුද්ගලයින් පිරිසක් නිරාහාරව උපවාසයක් ආරම්භ කර ඇති බව පැවසේ.
අවතැන් වූ150ට අධික පිරිසක් එම කර්මාන්ත ශාලාවේ තාවකාලිකව රඳවා ඇති අතර ඔවුන්ට අවශ්‍ය පිසූ ආහාර ලබාදීම සිදු කළේ යුද හමුදාව විසිනි.
කෙසේ වෙතත් යුද හමුදාව එම කටයුතුවලින් ඉවත් වන බව පවසා ඇති අතර අවතැන් ජනතාවට ඉවුම් පිහුම් කටයුතු කරගන්නා ලෙසට හමුදාව විසින් දන්වා ඇතැයි ද පැවසේ.
ඊට විරෝධය පළ කරමින් එම ජනතාව අද දහවල් සිට කුසගින්නේ උපවාසයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
මීරියබැද්ද නායායම සිදුව හෙටට මාසයක් ගත වනු ඇති.

 

Rate this item
(0 votes)