May 02, 2024

මහින්ද අබේසුන්දර මහතා අභාවප්‍රාප්ත වෙයි

November 28, 2014

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතා අද (28) අභාවප්‍රාප්ත විය.

කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා නිවසේදීම අද සවස අවසන් සුසුම් හෙළා ඇත. හෙතෙම මිය යන විට 75 වැනි විසේ පසුවිය.

ස්වාධීන රූපවාහිනී සේවයේ 'විමසුම' වැඩසටහනේ පිටපත ලියූවේ ඔහු විසිනි.

ඔහු දිනමිණ පුවත්පතේ හිටපු කතෘවරයෙකුද වෙයි.

පසුගිය දින කිහිපය තුළ හෙතෙම අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියේය.

 

Rate this item
(0 votes)