May 03, 2024

ජනපතිගේ ක්‍රියාවට ඉන්දියාව පුරා පැසසුම් - මෝදි

November 28, 2014

ඉන්දියානු ධීවරයන් පස්දෙනාට සමාව දී නැවත ඉන්දියාවට පිටත් කර හැරීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තුතිය පුදකර ඇත.

ජනාධිපතිතුමාගේ එම ක්‍රියාව ඉන්දියාව පුරාම පැසසුමට ලක් ව ඇති බවත්ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 18 වැනි සාක් සමුළුවට පරිබාහිරව ජනාධිපති රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැතිවරයා අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී මෙම අදහස් පළ කර තිබේ.

මෙහිදී ඉන්දියාවේ ආන්ද්‍රා සහ තමිල්නාඩු ප්‍රාන්තවල බන්ධනාගාර ගත වී සිටින ශ්‍රී ලාංකීය ධීවරයන් නිදහස් කිරීම සලකා බලන ලෙස ජනාධිපති රාජපක්ෂ මහතා ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 28 November 2014 16:16